brand logo

කෙසෙල් ගොවියාටත් ‘‘බෝම්බ වදී’’

27 April 2019

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර සමග ගොවිබිම්වලට වෙළෙඳුන් නොපැමිණීම නිසා කෙසෙල් මිල පහත වැටීමෙන් ගොවීහු දැඩි ලෙස අසරණ වී සිටිති. ඇඹිලිපිටිය, සූරියවැව, හම්බන්තොට, මොනරාගල ආදී ප්‍රදේශවල මේ දිනවල ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමය රුපියල් 10-15 අතර මිලකට පහත වැටී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවසීය. මේ වනවිට නෝනාගම, බරවාකුඹුක, සූරියවැව, පන්නෙගමුව, මොරකැටිය, ඇඹිලිපිටිය ආදී කෙසෙල් පොළවල් සඳහා දෛනිකව පැමිණෙන ලොරි නොපැමිණීම මෙම තත්ත්වය හේතු වී ඇත. වැඩි ලෙස කෙසෙල් අනුභව කිරීම, මුස්ලිම් ප්‍රජාව විසින් සිදුකරන අතර ඔවුන්ගේ ප්‍රධාන කෙසෙල් වර්ගය වන කෝලිකුට්ටු (පූවාලු) කිලෝග්‍රෑමය රුපියල් 30-40 දක්වා පහත බැස තිබේ.
 

More News..