News

කුසල්ට ඇප – රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ.

ඒ ලක්ෂ 10 ක් බැගින් වන ශරීර ඇප දෙකක් මතයි.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.