News

කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා

කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු කුලියාපිටියෙන් හමුවීමත් සමග ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට කටයුතු කර ඇත.

මෙලෙස සංචරණ සීමා පනවා ඇති ගම්මාන 04 වන්නේ ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යි.

කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට පිරිසක් සහභාගී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

එම මංගල උත්සවයේ මනාලයාට ද පසුගිය 12වැනි දා වෛසරය ආසාදනය වී තිබුනා.

මංගල උත්සවයේ මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමට හැකි වුවා.