අතන මෙතන

කුණුවන හැටන් නගරය

දේශපාලන කඹ ඇදිල්ලකට මැදිවි කුණුවන හැටන් නගරයේ ජනතාව ස්වසන , පිලිකා ,කුෂ්ඨ, දද රෝගීන් මෙන්ම වසංගත රෝගීන් බවට පත්වි මියයාමේ දිනය වැඩි ඈතක නොවන බව හැටන් ප්‍රදේශවාසින් පවසති.

හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් හැටන් නගරයේ ග්‍රාම නිලධාරි වසම් කිපයකට අදාල හැටන් ගාමිණීපුර,බණ්ඩාරනායකපුර,විල්ප්‍රඩ්පුර,හැටන් වටරව්ම් පාර , හැටන් හවුස් පාර, පිළී හතර, මවුන්ට් පාර , සාත්තු නිවාස පාර,වීරතුංග පුර,හිජිරා පුර,මෙන්ඩිස් මාවත,සාලිය පුර,ආරිය ගම හා හැටන් මල්ලිඅප්පුව සහ හැටන් නගරය ඇතුළු ප්‍රදේශ රැසක විසි දහසකට අධික ජනතාවක් බෝ නොවන රෝගයන්ට ගොදුරු වි මිය යාමේ දිනය පාලකයන් විසින් නිර්මාණය කරමින් සිටින බවට ජනතාව චෝදනා කරති.

හැටන් නගරයේ ඉවතලන කසල වසර සියයකට වඩා පැරණි ඉතිහාසයක සිට හැටන් කුඩාඔය ප්‍රදේශයේ ස්ථානයක් වෙත බැහැර කිරමින් තිබු අතර අතීතයේ එම ස්ථානයේ කසල පුළුස්සන පෝරනුවක්ද තිබු බව වැඩිහිටියන් පවසති.

නමුත් පසු කාලිනව එම ක්‍රමය නවතා දමමින් විවෘත පරිසරයට කසල බැහැර කිරිම සිදු කරන ලදි.ප්‍රදේශය ජනාකිර්ණ වීමත් සමග එම ප්‍රදේශය අවටින් නිවාස කිපයක් ඉදිකෙරුන අවස්ථාවේ ඡන්ද මනාපය සම්බන්ධයෙන් විරෝධතාවයක් මතුවන හෙයින් එම නිවාස ස්ථිර වීමට, විදුලිය බා ගැනිම වැනි කටයුතු වලට නගර සභාවේ අනුමැතිය ලබාචිමට දේශපාගඥයින් ගත් පියවරේ අතුරු ළුලයක් ලෙස දැනට වසර කිපයකට ඉහතදි එම පදිංචිකරුවන් විසින් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දෛනිකව විරෝධතා දැක්විමත් සමග කසල බැහැර කිරිමට ස්ථානයක් නොමැති විය.

ඉහත තත්ත්වය හමුවේ නගර සභා පරිපාලනය ද අසරණ වු අතර ජනතාව රෝගීන් බවට පත් කරන පාරිසරික විනාශයේ ආරම්භය ඇතිවිය.

එදා සිට විධිමත් ලෙස කසල බැහැර කිරිමේ ස්ථානයක් ස්ථාපිත කිරිමට පියවර ගැනිම සෑම පළාත් පාලන ඡන්ද විමසිමේදි ම ,පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ පොරොන්දුවක් බවට පත්වුවා පමණක් නොව එය හිගන්නගේ තුවාලය මෙන් කිසිදා සුව නොවන ගැටළු ගොන්නක් වි තිබේ.

හැටන් නගර සීමාවේ දිනකට එකතුවන ටොන් හයක් පමණ වන කසල බැහැර කිරිමට ස්ථානයක් නොමැති නිසා කාලයක් නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේ මස්කෙළිය ප්‍රාදේශය සභාවට අයත් කසල ප්‍රතිචක්ත්‍රීකරණය කරන ස්ථානයටත් , තලවාකැලේ ලිඳුල නගර සභාවේ කසල බැහැර කරන තලවාකැලේ ස්ථානයකටත් ගෙන යමින් තිබු අතර දැනට වසර තුනක පමණ කාලයක සිට එම ක්‍රියාවලියද විධීමත්ව සිදු නොවේ.

නගර සභාවට පමණක් විසදිය නොහැකි වු මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් ළදරු ,තරුණ.වැඩිහිටි ජනතාව බෝ නොවන රෝගි වසංගතයකින් දුක්විද මියයාමේ දුර්භීක්ෂයක් ඇතිවන්නට පෙර අවධානයෙන් මුදා ගැනිමට නිසි පියවරක් ගන්නා ලෙස හැටන් නගරවාසින් පලාත් ආණ්ඩුකාරවරයාට, කැබිනට් අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ,මධ්‍යම රජයට මැදිහත් වන ලෙස ඔබ තනතුරුවල බබලවන්නට කටයුතු කල සියලු පක්ෂවල ඡන්ද දායකයින් ඉල්ලා සිටිති.

 

චන්දන ජයවීර