අතන මෙතන

කුඩාවැල්ලෙන් මුහුදු ගිය සුරේෂ් අන්දමන් දුපත්වලට

කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය යාත්‍රාවක් ධීවර කාර්මිකයින් 06 දෙනෙකු සමග සුළං පහරට හසුව අන්දමන් දුපත්වලට ගොඩ ගසා ඇතැයි තංගල්ල නාවික නෞකා රුහුණු ආයතනය තහවුරු කරගෙන ඇතැයි තංගල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

ඉකුත් 26 වන දින තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුදු ගොස් ඇති සුරේෂ් නැමති බහුදින ධිවර යාත්‍රාව ඈත දියඹේදී සැඩ සුළං පහරට හසුව අන්දමන් දුපත් වලට ගොඩා ගසා තිබේ.

මෙම සිදුවිම සම්බන්ධයෙන් බෝට්ටුවේ හිමි කරු වන තංගල්ල කුඩාවැල්ල පදිංචි එල්.වයි.සංජිව මහතා විසින් තංගල්ල මුලස්ථාන පොලිසියද දැනුවත් කර තිබේ.

ධීවර යාත්‍රාවේ ස්ක්‍රිපර් වන ඒ.එන්.ඩී.ඉෂාන් හා ධීවර කාර්මිකයින් වන වයි.ජී.එම්.තුෂාර,එන්.එම්.රුචිර,එම්.එම්.කවිදු හා ඩී.ඩබ්ලිව්.නලීන් යන සය දෙනා බෝට්ටුව සමග අන්දමන් දුපත් වලට ගසාගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල නාවික නෞකා රුහුණු ආයතනය සිදුකල සොයා බැලිමකදි අනාවරණය වි ඇත්තේ ධීවර කාර්මිකයින් හය දෙනා නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

 

නුවන් ජයසේකර