අතන මෙතන

කිලිනොච්චිය මලයාලපුරම් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය,මලයාලපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (04) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේදී 38 හැවිරිදි මුනියන්ඩි විග්නේශ්වරන් නමැති පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කිලිනොච්චිය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ශිවබාල සුබ්‍රමනියම් මහතා නියෝග කළ බවද පොලිසිය පැවසීය.

පෞද්ගලික ආරවුලක් මත ඇති වු ගැටුමක් ඝාතනයට හේතුවි ඇති බවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ සැක පළ කරති.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය