brand logo

කිලිනොච්චියේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් තවත් සෙබළෙකු මියයයි

26 June 2019

කිලිනොච්චිය ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම සෙබලා මිය ගිය බවයි. ඒ අනුව අදාළ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයෙකු තවදුරටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. ඊයේ පස්වරු 1.45ට පමණ කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය කළ යාල් දේවි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු විය.
 

More News..