brand logo

කිරිපිටි මිල හෙට සිට තවත් ඉහළට

29 December 2021

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයෙන් විශේෂ පණිවිඩයක්

ආනයනික කිරිපිටි මිල හෙට දින (30) නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න අද ප්‍රකාශයට පත්කරන බවයි.

කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට ඉඩ ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..