brand logo

කිරිපිටි මිල රුපියල් 200 කින් ඉහළට ?

19 September 2021

ඊයේ පැවති සාකච්ඡාවක දී ගත් තීරණය

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිරිපිටි ආනයනකරුවන් අතර පැවති සාකච්ඡාවේදී ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීමට එකඟතාව පළව තිබෙනවා. ඊයේ පැවති එම සාකච්ඡාවේදී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 කින් ඉහළ දැමිය යුතු බවටයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ලබන සතියේ දී ජීවන වියදම් කමිටුව රැස්වීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් වෙළඳපොල තත්වයන් සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවයි රුපියල් 200 ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇත්තේ. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහල යාම යන හේතු මත කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා. එහෙත් මිල වැඩි කිරීමට රජය අවසර ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් පසුව ඔවුන් කිරිපිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ට සිදුවන මූල්‍ය අලාභය සැළකිල්ලට ගනිමින්. මේ වනවිට වෙළඳපල තුළ කිරිපිටි නොමැති තත්වයක්ද උද්ගතව ඇති අතර, එවන් පසුබිමක් තුළයි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර ඊයේ සාකච්ඡාව පවත්වනු ලැබුවේ. මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙටි්‍රක් ටොන් 6,500ත් 7,000 ත් අතර අගයක පවතින අතර දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 200ක්. කිරිපිටි කිලෝවක පැකට්ටුවක් මේ වනවිට රුපියල් 945ක මිලකට අලෙවි වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල වන්නේ රුපියල් 380ක්. ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟවූ පරිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමුවහොත් කිරිපිටි කිලෝවක පැකට්ටුවක නව මිල රුපියල් 1,145ක් දක්වා ඉහළ යනු ඇති.
 

More News..