අතන මෙතන

කිරිඇල්ලගේ ඉල්ලීම නියෝජ්‍ය කථානායක අහක දමලා 

අද (06) පාර්ලිමේන්තුව රැස්වුණ වෙලාවෙ ඉදලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 16 දෙනෙක් විතරයිලු. එජාපයේ 72 වැනි සංවත්සරයට සහභාගිවෙන්න ඔනෙ නිසා එජාප මන්ත්‍රීවරු බහුතරයක් පාර්ලිමේන්තු ඇවිල්ලා නෑලු . ඒවගේම ඊයේ (05) ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට උද්ඝෝෂණයට ගිහින්  නිදි මරපු මන්ත්‍රීවරුත් මහන්සියට අද පාර්ලිමේන්තු ඇවිල්ලා නෑලු… මේ කොහොම වුනත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කරන්න යද්දී ඒකාබද්ධ විපක්ෂේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා නියෝජ්‍ය කථානායකවරයට පෙන්නලා දීලා තියෙනවා පාර්ලිමේන්තුව තියන්න අවශ්‍ය ඝන පුර්ණය නැහැ කියලා. එ්ත් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අපරාදේ මේක අපි කොහොම හරි තියමු කියලා කථානායකට යෝජනා කලාලු. එත් ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුව පවත්වන්න අවශ්‍ය ඝන පුරණය වන මන්ත්‍රීවරු 20 දෙනෙක් නැති නිසා පාර්ලිමේන්තුව හෙට (07) උදේ 10 වෙනකම් කල් දන්නා වෙනවා කියල නියෝජ්‍ය කතානායක තීරණය කලාලු. ලක්ෂමන් කිරිඇල්ලත් ඊට පස්සේ සිරිකොත උත්සවේට ආවලු.