ගොසිප්

කැරලි මර්දනයට ‘ආදරණීය’ ක්‍රමයක්

මේ අතර වැඩබලන පොලිස්පති යටතේ, ‘පොලිස් කැරලි මර්දන අංශයත් ‘අලුත් මෙහෙයුමක්’ අත්හදාබලමින් සිටියේ ය.

ඒ නගරයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ පෙලපාලි පවත්වන විශ්ව විද්‍යාල- හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයින් මෙල්ල කරගැනීමට ‘අතින් අත අල්ලාගත් පොලිස් නෝනලාගේ බැම්මක්’ යොදාගැනීම සම්බන්ධයෙනි. මෙය ඉකුත් අඟහරුවාදා ලෝටස් පාරේ දී සාර්ථකව අත්හදා බැලිණි.

ඒ මහපොළ දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, විරෝධතා පෙලපාලියක නිරත වූ උසස් තාක්ෂණ ආයතනයේ තරුණ ශිෂ්‍යයින් ඉදිරියේදී ය.

පෙලපාලියේ ඉදිරියෙන් සිටි තරුණ ශිෂ්‍යයින් තරුණ පොලිස් නෝනලා ඉදිරියේ වෙනදා මෙන් ප්‍රචණ්ඩකාරී වූයේ නැත. එහෙත් ශිෂ්‍යයින්ගෙන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලය තුළ සාකච්ඡාවකට සහභාගී වී නැවත එළියට පැමිණ ‘සාකච්ඡා අසාර්ථක වූ බව’ පැවසීමත් සමඟ සිසුන් ප්‍රකෝපකාරීව හැසිරෙනු දක්නට ලැබුණි. ඒ වන විටත් පොලිස් නෝනලාගේ බැම්ම පෙරලාගෙන ඉදිරියට පැමිණ සිටි ‘පොලිස් මහත්තුරු’ ද සුපුරුදු පරිදි කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබිණි.