brand logo

කැබිලිත්තෙන් අක්කර 25,000ක් ඉවත් කරලා

17 January 2022

වන සංරක්ෂණයෙන් කළ වැඩක් ගැන අනාවරණයක්

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තේගම, කැබිලිත්ත රක්ෂිතය ගැසට් කිරීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිතයෙන් අක්කර 25,000ක් ඉවත්කර හේන් වගාකරුවන්ට ලබාදී ඇතැයි අනාවරණය වේ. ඒ අනුව මෙම අක්කර 25,000ක භූමිය අයකුට අක්කර පහ බැගින් බෙදා ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ. මේ අතර, මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු රක්ෂිත කලාපයේ අනවසර වගා කටයුතුවල නිරත වී සිටින අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ද අරඹා ඇත. ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම රක්ෂිතයේ අක්කර 100 හා 200 ආදී විශාල ඉඩම්වල වගා කටයුතු කරන බැවින් මෙලෙස අක්කර පහ බැගින් බෙදාගැනීමට ඔවුන් අකමැති බවද වාර්තා වේ. සාලිය කුමාර
 

More News..