කැබිනට් මණ්ඩලයට විමල්ගෙන් ප්‍රශ්නයක්
16 December 2019
කැබිනට් මණ්ඩලයට විමල්ගෙන් ප්‍රශ්නයක්
16 December 2019
පසුගිය බදාදා පොහොය දිනයක් වූ බැවින්, කැබිනට් මණ්ඩලය රැස් වූයේ අඟහරුවාදා ය. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී ම අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපතිවරයාගෙන් ‘ඉතා වැදගත් ප්‍රශ්නයක්’ ඇසුවේය.
‘‘ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න හදනවා කියල තැන් තැන්වල කතා වෙනවා... ඒ නිසා වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙලා තියෙන්නෙ එම්.සී.සී. එකට විරුද්ධව කතා කරපු අපියි... ජනාධිපතිතුමනි, ඇත්තෙන්ම එම්.සී.සී. ගිවිසුම ගැන ඔබතුමාගෙ තීරණය මොකක්ද...?’’
එවිට ජනාධිපති ගෝඨාභය මෙසේ පැවසුවේ ය.
‘‘පළමුවෙන් ම කියන්න ඕන, මම කිසිම හේතුවක් නිසාවත් මේ රටට හානිකර කිසිම ගිවිසුමකට එකඟ වෙන්නෙ නෑ... ඊට අමතරව මේ ගිවිසුමේ හැම වගන්තියක්ම යළි සමාලෝචනය කරන්න ආචාර්ය ලලිතසිරි ගුණරුවන්ගෙ නායකත්වයෙන් කමිටුවක් පත් කරන්නත් සැලසුම් කරලා තියෙනවා... අපි ඒ කමිටුවෙ විශේෂඥ මතයත් විමසමු...’’