අතන මෙතන

කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේ මියගිය වල් අලියෙකුගේ සිරුරක් හමුවෙයි

කැබිතිගොල්ලෑව, දුටුවැව ප්‍රදේශයේ තිබී මියගිය වල් අලියකුගේ මළසිරුරක් අද(31) ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති බව දුටුවැව ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ වවුනියාව ත්‍රිකුණාමලය ඒ 32 මාර්ගයේ දුටුවැව පැරණි පොලිස් මුරපොළ පැවති ස්ථානය ආසන්නයේ වල්අලියාගේ සිරුර වැටී ඇති බවයි.

මාර්ගය ආසන්නයේ අලියා මියගොස් ඇති අතර, ශරීරයේ කිසිදු තුවාලයක් හෝ දක්නට නොමැති බව ප්‍රදේශවාසීහු කියති.

වයස අවුරුදු 20 පමණ වන මෙම වල් අලියා කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියයන්නට ඇති බවට වවුනියාව වනජීවි කාර්යාල නිලධාරීහු සැක පළකරති.

අලියාගේ මරණය සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි කාර්යාල නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

වවුනියාව – මාධව කුලසූරිය