News

කැකිරාවේ පවුල් 7ක් නිරෝධායනයට

කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්තානයේ සිටි යුදහමුදා මේජර් වරයකුට කොවිට් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ (13) දිනයේදී තහවුරු වීමත් සමඟ මේජර් වරයාගේ නිවස පිහිටි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ ඔහු හා සබඳතා පැවැත්වූ නිවාස සහ පුද්ගලයින් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පරීක්ෂා කර ස්ව්‍යං නිරෝධායනයට ලක්කර තිබේ.

ඔහු පසුගිය 4 දින නිවාඩු ලබා තම නිවසට පැමින ඇති අතර කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්තානයෙන් ඔහුව පසුගිය 9 දින ආපසු මින්නේරිය කටුකැලියාව නිරෝදායන මධ්‍යස්තානයට කැඳවා තිබේ. එහිදී පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ දිනයේම මේජර් වරයා අයි.ඩී.එච් රෝහලට යවා ඇත.

මේ සමඟම ඔහුගේ පවුලේ පිරිස් සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිස් සොයාගෙන ඊයේ රාත්‍රියේදී පවුල් හතක් සහ පුද්ගලයින් විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ස්ව්‍යං නිරෝධායනයට ලක්කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් කටයුතු කර ඇත. ඊට අමතර එම පවුලේ සාමාජිකයන් කැකිරාව සහ දඹුල්ල නගරයේ වැඩි වශයෙන් සැරිසරා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් හෙලිකරගෙන තිබේ.ඊට අමතරව මේජර් වරයාගේ බිරිඳ කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකු බවත් ඇයගේ සැමියා නිවසට පැමිනීමෙන් පසු ඇයද දින තුනක් පාසලට ගොස් ඇති බවත් වැඩිදුරටත් තහවුරු කරගෙන තිබීමත් සමඟ පාසලේ දරුවන් හා ගුරුවරුන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මේ වන විට දැඩි අවදානය යොමුකරමින් සොයාබැලීම් තවදුරටත් සිදුකරමින් සිටී.

පසුව අද 14 අළුයම දෙකට පමණ යුදහමුදා ආරක්ෂක අංශ විසින් ඔහුගේ නිවසේ සිටි ඔහුගේ පවුලේ පුද්ගලයින් පස්දෙනකු පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා දියතලාව නිරෝදායන මධ්‍යස්තානයට රැගෙන යාමට කටයුතු කර ඇත.

කැකිරාව ප්‍රදීප් රණසිංහ