කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
09 December 2019
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
09 December 2019
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ගිනිකොණ, නැගෙනහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ අනුව වාකරේ සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධති හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බවයි.
එම ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 -80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව රළුවීමට වැඩි හැකියාවක් පවතින බව සදහන්.
මේ හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.