brand logo
logo

කාර් ගණන් උස්සයි

14 October 2021

සාමාන්‍ය මිනිසුන්ට හීනයක් වී ධනකුවේරයන්ගේ ආභරණ බවට පත් වූ කාර්

තමන්ගේම කියලා වාහනයකට හිමි කම් යන්න හීන දකින බොහෝමයක් අපේ රටේත් ඉන්නවා. ලංකාවේ දැනට පවතින ආනයන සීමා නිසා ඒ් හිනේ සැබෑ කරගැනීමට තවත් කාලයක් බලාගෙන ඉන්න වෙනවා කියන ඇත්ත නම් තිත්ත වුණත් බාර ගන්න වෙනවා. වාහන ආනයනය සීමා වීම නිසාම රට තුළ තියෙන වාහන මිලත් අහස උසයි. මීට අවුරුද්දකට ඒකහාමාරකට කලින් රු මිලියන 3ක් වෙච්ච වාහන අද ඒ් වගේ දෙගුනයකින් වටිනා කම වැඩි වෙලා. මේ කියන්න යන්නේ එහෙම වටිනාකම වැඩි වෙච්ච වාහන ගැන නම් නෙවෙයි. වාහනවල තියෙන ගුණාත්මක කම හා සැපපහසුව නිසාම නිෂ්පාදන කාර්යයයේ වූ පිරිවැයට සාපේක්ෂව වටිනාකම් තැබූ  වාහන ගැන. මේ තමයි මේ වන විට ලෝකයේ ඉහළම මිල ගණන් යටතේ විකිණෙන වාහන. මේවා සාමාන්‍ය මිනිහෙක්ට නම් හිතන්වත් බැරි තරම් මිල අධිකයි. ඒ් නිසාම මේවා අයිති කරගන්නේ ධනකුවේරයින් , රාජ්‍ය නායකයින් වගේ අය. අපිට හිතාගන්නවත් බැරි ධනවතුන්ගේ ආභරණයක් බදු වූ ඒවැනි කාර් කීපයක් තමයි මේ.

Bugatti La Voiture Noire – ඩොලර් මිලියන 18යි

he black car යන අන්වර්ථ නාමයෙන් මෙය හදුන්වයි. Bugatti සමාගමේ නිර්මාණකරුවන් අතින් මෙය නිමවා ඇත්තේ කාබන් තන්තු ( Carbon Fiber ) උපයෝගී කරගනිමිනි. මෙයට 8 liter- quad – turbo 16- cylinder එංජිමක් ඇත. අශ්වබල 1500 ක් ඇත. 62 mph in 2.4 (තත්පර 2.4 ක දී පැයට සැතපුම් 62ක වේගයක් සපයයි). වාහනය ඉදිරියේ Bugatti ලකුණ සඳහන් කර ඇත. https://youtu.be/rg9d1MP00UQ

Rolls – Royce Sweptail - ඩොලර් මිලියන 13යි

Rolls – Royce සමාගම වෙතින් 2017 දී පාරිභෝගිකයෙකුගේ ඉල්ලීම මත නිපදවන ලද කාරයකි. එම ඉල්ලීම මත සෑදූ බැවින් එය වෙළෙඳපලට යොමු නොකෙරිණ. එය ආසන දෙකක වාහනයකි. එය 6.75 – liter v 12 එංජිමක් සහිතව සකසා ඇති අතර වේග 8 ක සම්ප්‍රේශනයක්( speed transmission) සමඟ අශ්ව බල 453 ක බලයක් සපයයි. V 12 ගණයේ එංජිම නිසා වැඩි ඉන්ධන පිරිවැයක් දැරීමට සිදු ව ඇත. එහි swichgear ය අඩු සහ විවෘත වූ සිදුරු සහිත paldao කින් යුක්තය. වහලය විනිවිද ව පෙනෙන වීදුරුවලින් සමන්විත ය. https://youtu.be/ij90Axxt8W4

Koenigsegg’s CCXR Trevita - ඩොලර් මිලියන 4.8යි

මෙම කාර් රථය Koenigsegg Company හි නිපදවීමකි. කළු ආලේපිත තන්තු ,සුදු සිල්වර්, මෙන් ම සුදු දියමන්ති පැහැයෙන් වාහනය වර්ණ ගන්වා ඇත. 4.8 twin – Supercharger 8 V එංජිමක් මෙය සතුය. තත්පර 2.9කදී 250mph ඉක්මවන ( over 250 mph in 2.9 seconds ) අතර වේග 6ක සම්ප්‍රේශකයක් ( speed transmission) පවතී. carbon – ceramic breaks with ABS, airbags,paddle-shift, Chrono instrument cluster, infotaient system, tire monitoring system, hydraulic lifting යන අංග ගණනාවක් මේ සතුව ඇත. https://youtu.be/cO1Vh2F1yYE

Lamborghini Veneno Roadster - ඩොලර් මිලියන 4.5යි

ඉතාලියේ Lamborghini Automobile Company හරහා මෙය නිපදවා ඇත්තේ හිටපු සෞදි අරාබියේ රජ පවුලේ සාමාජිකයෙකුට යි. එය මෙම සමාගමෙ 50 වන සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය වූවක්. 6.5 liter aspirated v 12 එංජිමක් සහිත ය. තත්පර 2.9 කින් පැයට කිලෝමීටර් 0- 100 (0-100km/h in 2.9 Seconds ) ක වේගයක් ඇත. 552 kW උපරිම බලයක් සහිත ය. වේග 7ක සම්ප්‍රේශනයක් ( speed transmission) සහිත ය. https://youtu.be/3dYxG0SYi_4

McLaren P1 LM – ඩොලර් මිලියන 3.6යි

මෙය Hybrid fast sports car විශේෂයකි.මෙහි 3.8 liter -twin -turbocharger v 8 එංජිමක් සහිත ය. වේගය 903hp ය. වේග 7ක සම්ප්‍රේශනය ( 7 – speed dual clutch transmission )කි. තත්පර 2.8කදී 0- 100 km /h අතර වේගයක් සහිත ය. කළු,කහ සහ නිල් පැහැයෙන් වර්ණ ගැන්වීම් සිදු කර ඇත. https://youtu.be/ctE74Z-ESQE    
 

More News..