News

කාත්තාන්කුඩියේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

 

 

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට සිට ඉවත්වේ.

මේ අනුව හෙට (01) උදෑසන 5 සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේබව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ,

ගෆූර් පාර
මොහිනාර් මාර්ගය
සින්නතෝන පාර
ටෙලිකොම් මාවත, පළමු හරස් පාර