brand logo
logo

ක්‍රිකට් පුහුණුව ඇරඹුමේදී දිමුත්ට ක්ලාන්තයක්

03 June 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළිමහන් පුහුණුවීම් ඊයේ (2 වැනිදා) සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. මෙම පුහුණුවීම් අතරතුර ක්‍රීඩාංගණයේ පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට මද ක්ලාන්ත ගතියක් පැමිණි අතර පුහුණුවීම් අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසූ වෛද්‍යවරිය ඔහු සමාන්‍ය තත්ත්වයේ සිටින බව පවසා ඇත. දින 81ක විරාමයකින් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නන් සහ පිතිකරුවන්ගෙන් කිහිපදෙනෙකු නිරෝධායන නීති අනුව සී.සී.සී. පිටියේදී පුහුණුවීම් ඇරැඹූ අයුරු ‘අරුණ’ කැමරා කාචයේ සටහන් වූ අයුරු මෙහි දැක්වේ. ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..