brand logo
logo

ක්‍රිකට් කණ්ඩායමේ ගැටළුව විසඳන්න ඇමති හරීන් හදිසියේම ඔස්ට්‍රේලියාවට

31 January 2019

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හදිසියේම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ පිළිබදව 'අරුණ' අප ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ (30) රාත්‍රියේ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාව බලාපිටත්ව ගිය බවයි. ඒ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ හටගෙන ඇති ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්කිරීමටය. ඔස්ට්‍රේලියා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හටගෙන ඇති ගැටළුව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බීබීසී සිංහල සේවයට අදහස් දක්වා තිබෙනවා. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර මතුව තිබෙන මත ගැටුම අවසන් කිරීමට තිසර පෙරේරා සහ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් හමුවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අතර වෙන වෙනම හමුවක් ඊයේ (ජනවාරි 30) සවස ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත් වුණා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තමන්ගේ මත ගැටුම් අවසන්කර එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු නොකළහොත් ලෝක කුසලානය සඳහා "ශ්‍රී ලංකා A" කණ්ඩායම යැවීමට තමන් පසුබට නොවන බවද අමාත්‍යවරයා එහිදී ඔවුන්ට පවසා ඇතැයි වාර්තා වනවා. මේවනවිට බංග්ලාදේශයේ විස්සයි විස්ස තරගවලට සහභාගි වී සිටින තිසර පෙරේරා ද දිවයිනට පැමිණි පසු තනිව හා අනිකුත් ක්‍රීඩකයන් සමග හමුවන බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා.
 

More News..