News

කළුබෝවිල රෝහලේ 6කට කොවිඩ්

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ බැවින් රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද ඊයේ (24) තාවකාලිකව වසා දැමුණා.

රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බවයි.