brand logo

කළුබෝවිල රෝහලේ සේවකයෙක්ට කොවිඩ්

21 October 2020

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් සාමාන්‍ය කම්කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පසුගිය 15 වැනිදා එම සේවකයා රාජකාරියට පැමිණිමේදී උණ රෝගී තත්වයක් පෙන්නුම් කර ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. අදාල සේවකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෛරසය ආසාදිත බවට හඳුනාගැනිමෙන් පසුව ඔහු කොස්ගම පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. එම සේවකයාව සමීපයෙන් ආශ්‍රය කල තවත් රෝහල් සේවකයින් 16 කට පමණ PCR පරීක්ෂණ සිදුකර ඇත. කෙසේවෙතත්, රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
 

More News..