News

කළුග‍ඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවේ කළු ගඟේ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

මේ හේතුවෙන් පාලින්දනුවර, බුලත්සිංහල, කිරිඇල්ල, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය හා කළුතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු ගඟ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් සිටින ලෙස ඇය සදහන් කළේය.

මීට අමතරව කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් හා නිල්වලා ගඟේ ජල මටට්ම පානදුගම ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ළගා වෙමින් පවතී.