brand logo

කහ පැහැති කුකුළු මස්වල පෝෂණ ගුණය සහ රසය අධික බව විද්‍යාත්මකව සනාථ කෙරේ

22 October 2019

පාරිභෝගික ජනතාවට නියම අවබෝධය නොමැතිවීම නිසා, වර්ණය මගින් නැවුම් ආහාර හඳුනාගැනීමට ගොස් වරදින අවස්ථා ඇති අතර කහ පැහැති කුකුළු මස් නැවුම් නොවන බවට පවතින මතයද ඊට හොඳම උදාහණයක් වේ. ලෝකයේ බොහෝ රටවල නැවුම් හා උසස් තත්ත්වයේ කුකුළු මස් යනු කහ පැහැති වර්ණය සහිත කුකුළු මස් බව ඉතා ජනප්‍රිය කරුණකි. නමුත් ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව තුළ පවතින වැරදි අවබෝධය නිසා කහ වර්ණය සහිත කුකුළු මස් නැවුම් නොවන බවට මතයක් පවතියි. මේ පිළිබඳව අදහස් දක්වන සත්ව ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ විශේෂඥ සහ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ක‍්‍රිෂාන්ති ප්‍රේ මරත්න මහත්මිය පෙන්වා දෙන්නේ බඩඉරිඟුවල ස්වභාවිකව අන්තර්ගත සංඝටකය කුකුළු මස්, කහ හෝ රන් පැහැ ගැනීම කෙරෙහි බලපාන මූලික හේතුව බවයි. බඩ ඉරිඟුවල ස්වභාවිකව විටමින් A පවතින අතර එහි කහ පැහැයට හේතුවන්නේ මෙම විටමින් සංඝටකයි. මේ බඩඉරිඟු කුකුළන්ට ලබා දුන් විට කුකුළු මස්වලද එය දැකගත හැකියි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි ලෝකයේ විශාලතම කුකුළු ගොවිපළ පවතින රටවල්, වසර ගණනාවක සිට කුකුළු ආහාර සඳහා බඩඉරිගු එක් කරන බව ඇය පැවසුවාය. බඩඉරිඟුවල කහපැහැයට හේතුවන්නේ විටමින් A සංඝටකයයි. බඩඉරිඟුවල අන්තර්ගත විටමින් A කුරුල්ලන්ගේ ශරීරය තුළදී නිෂ්පාදනය නොවන අතර විටමින් A සහිත ආහාර ගත් විට කුකුළන්ගේ රුධිරය තුළින් එය ශරීරය පුරා පැතිර යන අතර විටමින් A සමේ, අක්මාව, මේදයේ සහ බිත්තර සුදු මදයේ අධික ලෙස තැන්පත් වන බව ආචාර්ය ප්‍රේමරත්න මහත්මිය සඳහන් කළාය. එවැනි කුකුළු මස් කහ හෝ රන්වන් පැහැයෙන් හා රසයෙන් අනූන ආහාරයක්වේ. දේශීය සමාගමක් ලෙසට මෙම ක්ෂේත‍්‍රයේ පෙරමුණට පැමිණ සිටින ක‍්‍රිස්බ්‍රෝ සමාගම තමන් නිෂ්පාදනය කරන කුකුළු මස්වල පෝෂණය සහ නැවුම්බව පිළිබඳව ආරම්භයේ සිට ඉහළ අවධානයක් යොමු කරයි. එමෙන්ම කුකුළු ආහාර සඳහා බඩ ඉරිඟු භාවිත කරන සමාගම් අතර පුරෝගාමී සමාගම ලෙසත් ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. සතුන් විශාලනය කිරීම සඳහා ඖෂධ භාවිතා කිරීමට එරෙහි සහ ආරම්භයේ සිටම කිසිදු ආකාරයේ වර්ධක ඖෂධ භාවිතා නොකළ සමාගමක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ වර්තමානයේදී රජය මගින් හඳුන්වාදීමට නියමිත සතුන් සඳහා වර්ධක ඖෂධ භාවිතය තහනම් කිරීමේ ප‍්‍රතිපත්තිය සඳහාත් පූර්ණ ලෙස සහාය දක්වා ඇත.
 

More News..