brand logo

කසල ශෝධක වැඩේ කරපු ගුවන් යානා ඉංජිනේරුවා

16 November 2020

ව්‍යාජ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ති‌බේ. පොලීසිය පැවසුවේ ඊයේ (15) සිදුකළ විශේෂ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු කටුනායක ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ රාජකාරියක නියැලී සිටි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. මෙම පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් අත්‍යාවශය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර සකස් කරමින් සිටි බවට ද තොරතුරු වර්තා වේ. එමෙන්ම මොහු විවාහ තුනක් සිදුකර ගත් අයෙකු වන අතර, මොහු කෝවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි අයෙකු බව පොලීසිය සදහන් කරයි.
 

More News..