brand logo

කලාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදනවා

26 June 2019

කලාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදන බව විපක්ෂ නායක මහින්ද රාජක්ෂ මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ කලා සන්ධානයේ වාර්ෂික සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා... මම දීර්ඝ වශයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. කියන්න තියෙන සේරම දේවල් කියවුණා වගේම අපි දෙන්න තියෙන සියලු දේවලුත් කියවුණා. දැන් මට තියෙන්නේ ඒවා අනුමත කරන එක පමණයි. කලාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදනවා. කලාව පමණක් නොවෙයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය යනාදි සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම ප්‍රතිපත්ති මාලාවක් හදන වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ රට නිදහස් කර ගත්තට පස්සේ අවුරුදු දහයක් අපිට නිදහසේ ඉන්න පුළුවන්කම ලැබුණේ නැහැ. රට නිදහස් කරලා අවුරුදු දහයක් පිරෙන එකට මාසයකට පෙර බෝම්බ ප්‍රහාරයකින් මුළු රටම බයට පත් වුණා. අද අපි දුකෙන් පමණක් නොවෙයි බියෙනුත් ජීවත් වෙන්න වෙලා. දරුවන්ට පාසල් යන්න අයිතිය වගේම ජීවත් වෙන්න අයිතියත් අපිට නැති වෙලා. අප්‍රේල් 04 වැනි දා මේක දැනගෙන 21 වැනි දා වෙනකම් මොනවද කළේ? මොන කමිටු දාලා අපහාස කළත් මේ සියලුදෙනා ඒකේ වගකීම භාර ගත යුතුයි. මේ තත්ත්වයෙන් රට මුදා ගත යුතුයි. මේ බිය නැති කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ මැතිවරණ කල්දැමීම නොව මැතිවරණ පැවැත්වීමයි. පළාත් සභා මැතිවරණය නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය නැහැ. ජනාධිපතිවරණය පමණයි තියෙන්නේ. ඒක කල් දාන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි ඒකට සූදානම් වෙනවා. ජයග්‍රහණය කරන්න පුළුවන් රටට ආදරය කරන, ජාතියට ආදරය කරන ප්‍රතිපත්තිගරුක කෙනෙක් අපේක්ෂකයා විදියට තෝරා ගන්න අපි කිසිවිටෙක පසුබට වෙන්නේ නැහැ. ඒ සඳහා කෙනෙක් තෝරාගන්න අපට ඔබගේ සහයෝගය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.
 

More News..