කල්මුණේ සියලු පාසල් වැසේ
කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.
එම ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් හමුවීම නිසා මෙම තීරණය ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මේ බව පැවසුවාය.
එම අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 20 දෙනෙකු සහ සයින්දමර්දු ප්‍රදේශයෙන් එක් රෝගියෙක්ද හමු වී තිබේ.