කල්මුණේ සයින්දමර්දු පිපිරීම සිදුවූ ස්ථානයෙන් මළ සිරුරු 15ක් සොයාගැනේ
27 April 2019
කල්මුණේ සයින්දමර්දු පිපිරීම සිදුවූ ස්ථානයෙන් මළ සිරුරු 15ක් සොයාගැනේ
27 April 2019
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රීයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.
එලෙස සොයාගත් මළ සිරුරු අතර පිරිමි පුද්ගලයින්ගේ සිරුරු 06ක් කාන්තා මළ සිරුරු 03ක් සහ කුඩා ළමුන්ගේ මළ සිරුරු 06ක් හමු වී තිබේ.
පිපිරීම සිදුවු බවට සැක කරන නිවස තුළ තිබී කාන්තා මළ සිරුරු 3ක්, පිරිමි මළ සිරුරු 3ක් හා කුඩා දරුවන්ගේ මළ සිරුරු 6ක් හමු වී තිබේ.
මෙම මළසිරුරු මරාගෙන මැරෙන බෝමබකරුවන්ගේ බවට සැකකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඊයේ (26) පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී වෙඩි හුවමාරුවක් සිදුවිය.
වෙඩි හුවමාරුවෙන් පසුව කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.