අතන මෙතන

කරාපිටිය රෝහලේ නව ගොඩනැගිල්ලේ පලංචි ගැසූ පෙදරේරුවා තුන්වැනි මහලෙන් බිමට

කරාපිටිය රෝහ​ලේ අලුතින් ඉදිකෙරෙන මහල් දහයකින් යුත් ගොඩනැගිල්ලක තුන්වැනි මහලෙන් බිමට වැටී ඉදිකිරීම් සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බද්දේගම, හම්මැලිය පදිංචි බී.ඒ. ලලිත් ප්‍රියන්ත නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඊයේ සවස එම ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ පලංචි ගලවමින් සිටියදී බිමට වැටෙන්නට ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි.

බිමට වැටී සිටි ඔහු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මේ පිළිබඳව පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කොට මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝග කළේය.

ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

 

සමන්
සරත් කුමාර ලොකුගේ