අතන මෙතන

කරාඩුගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කතක් මියයයි – දෙදෙනෙකු රෝහලේ

කරාඩුගල, පිටකුඹුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (23) පස්වරුවේ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූවන් මේ වන විට බිබිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.