කර්නල්ගේ මව රෝහල්ගත කළේ කොරෝනාවලට නෙමෙයි
27 March 2020
කර්නල්ගේ මව රෝහල්ගත කළේ කොරෝනාවලට නෙමෙයි
27 March 2020
වේරහැර කොතලාවල ආරක්ෂක පීඨයට අයත් රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී හමුදා කර්නල්වරයකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු ඔහුගේ මව රෝහල්ගත කර ඇත්තේ එම ආරංචිය සැලවී ඇතිවූ හිත් වේදනාවකින් බවත් ඇය ප්‍රතිකාර ලැබ පිටව ගිය බවත් රෝහල් ප්‍රකාශකෙයක් පැවසීය.
කර්නල්වරයාගේ මව අසනීප වී ඇත්තේ තම පුතුට හා මුනුපුරාට කොරෝනා වැලඳුණු බව සැලවීමෙන් ඇතිවූ හිත් වේදනාවකින් බව පසුව හෙළිවයි.
වෛරසය වැලඳුණු හමුදා සාමාජිකයන් තිදෙනකු මේ වන විට රෝහල් ප්‍රතිකාර ලබමින් සිටිති.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා