අතන මෙතන

කම්මලක් වටලයි – ආයුධ රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිසියට ලද තොරතුරක් මත අගුණුකොළපැලැස්ස ,උස්වැව, මිලක්කතිස්ස ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගිණි අවි ඇතුළු අවි ආයුධ රැසක් නිශ්පාදනය කල කම්මලක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අගුණුකොළපැලැස්ස පොලීසිය අද (15) සමත්වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අගුණුකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු අදාල කම්මලේ කම්මල් සහායකයා ලෙස වැඩ කල පුද්ගලයා බවත් පොලීසිය පවසයි.

පොලිසියට ලද තෙරතුරක් මත අද (15) අගුණුකොළපැලැස්ස ,උස්වැව, මිලක්කතිස්ස ප්‍රදේශයේ පිහිටි මෙම කම්මල වැටලීමට පොලීසිය කටයුතු කෙරුණි.එහිදී බෙහෙත් පුරවන ලද බදින තුවක්කු දෙකක්,බෝර දහසයේ පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණි අවියක්,බෙහෙත් කොටන වර්ගයේ ගිණි අවි එකක්,බෝර දහසයේ ජීව උන්ඩ එකක්,ජීව උණ්ඩ සකස් කිරිමට යොදා ගන්නා ඊයම් කිලෝ දෙකක්,මරු වැල් සදහා යොදා ගන්නා සිහින් කම්බි තොගයක්,අහස් කූරු කිහිපයක්,ආයුධ නිශ්පාදනය කිරීමට යොදාගත් බවට සැකක කරන විවිධ උපකරණ කිහිපයක් හා කඩුවක් ඇතුළු අපකරණ රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සිදුකල මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ මෙම කම්මලේදී නිශ්පාදනය කරන ලද විවිධ වර්ගයේ ගිණි අවි රුපියල් පන්දහසත්, දස දහත් විසිදහස වැනි මුදල් වලට අලෙවි කර ඇති බවයි.අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්ණ කිරිම් වලදි මෙම කම්මලෙන් ආයුධ මිළදි ගත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් අණාවරණය වි ඇති අතර එම පුද්ගලයන් සොයා පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.එමෙන්ම අත්අඩංගුවට පත්ව ඇති කම්මල් සහායකයාගෙන් ලබාගත් තොරතුරු වලට අනුව කම්මල් හිමියාද පොලිස් අත්අඩංගුවට ගැනිමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.අත්අඩංගුවටපත් පුද්ගලයා සමග අවි ආයුධ තොගය අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි අගුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

නුවන් ජයසේකර