brand logo

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

12 October 2020

මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇත. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා මේ බව සඳහන් කරනවා. දැනට පවතින කොවිඩ් වසංගත අවදානම් තත්වය හමුවේ සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. අදාළ නිවේදනය මඟින් ඔවුන් සඳහන් කරන්නේ, කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්වලට අදාළ සියලු කටයුතු සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත විමධ්‍යගත කර ඇති බවකි. ඒ නිසා ප්‍රාදේශයේ කම්කරු කාර්යාලය විසින් අදාළ සේවාවන් ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා සිටිනවා.
 

More News..