කන්ටේනර් 4000ක් වරායේ හිර වෙයි
ආනයන සීමා දැඩි කර නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ඒ වන විට ඇනවුම් කර තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සති තුනක් තිස්සේ කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන ව්‍යාපාරිකයෝ පවසති.
එමෙන්ම මෙම කන්ටේනර් මුදා ගැනීමට සහන කාලයක් ලබා නොදීම හේතුවෙන් විශාල රේගු ගාස්තුවක් හා වරායට ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදුව තිබේ. මෙම තත්ත්වය මත ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් හා මිල වැඩිවීමක් ඇතිවීම වැළැක්විය නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා හතරවැනි හරස් වීදියේ තොග ව්‍යාපාරිකයෝ පවසති. මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායකගෙන් කළ විමසුමකදී පැවැසුවේ කන්ටේනර් හාරදහසකට අධික ප්‍රමාණයක් වරායේ ගොඩ ගැසී තිබීම සත්‍යයක් බවත් ඒවා නිදහස් කිරීමේ නීතිමය තත්ත්වයක් ඇත්තේ රේගුවට බවත්ය.
මේ පිළිබඳව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගෙන් විමසීමක් කළ විට ඔහු පැවැසුවේ මැයි මස 21 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ නිදහස් කර ගත හැකි බවයි.
චමින්ද සේනාරත්න