අතන මෙතන

කදුකර කොටි දෙකක් එකම තැනකදී මද්දකට අසුවෙයි

එකම ස්ථානයකදී මදුවලට හසුව සිටි දි පැන්තරා පාදුස් වර්ගයට අයත් කදුකර කොටි දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩි කොටසේදී අද   (23) හමුව ඇතැයි වනජීවී නිලධාරීන් පවසති.

මදුවලට හසුව සිටි මෙම කොටියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නාවිටත් මිය ගොස් සිටි බවත්, අනෙක් කොටියා තුවාල ලබා ඇතැයිද  ඔවුහු කියති.

මියගොස් සිටි කොටියා අඩි හයක් පමණ දිග තරුණ වයසේ පසු වු ඉතාමත් නිරෝගී  සතෙකු බවද වනජීවී නිලධාරීහු  කියති.

මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් කොටියා නිර්වින්දය කොට  ප්‍රතිකාර කොට වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා නුවරඑළියට රැගෙන    යාමට වනජීවි නිලධාරීන් පියවර ගන්නා ලදි.

දඩයක්කරුවන් විසින් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම කොටියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් පවසති.

උඩරට කදු ප්‍රදේශ  ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික  කොටියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙක්ද  පසුගිය දා ශ්‍රි පාද රක්ෂිතයට ආසන්නයේ තේ වතු ආශ්‍රිත ප්‍රදේශයකදී මන්දකට හසුවීම නිසා මිය ගිය  බව වනජීවී නිලධාරීහු පවසති.

හැටන් – චන්දන ජයවීර