brand logo
logo

කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

30 April 2019

වවුනියාව, පට්ටාන්ච්චූර් ප්‍රදේශයේදී කඩු දෙකක් සමඟ පුද්ගලයෙකු අද(30) උදැසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත වවුනියාව පට්ටාන්ච්චුර් ප්‍රදේශයේ නිවසක අප ජලය ගලායන කාණුවක සඟවා තිබු පයිප්පයක් තුළ තිබි අදාළ කඩු දෙක සොයාගත් බවයි. වවුනියාව පට්ටාන්චිචූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වු මුස්ලිම් ජාතිකයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉඳිරිපත් කිරී‍මට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..