brand logo
logo

කංජිපානිගේ පියා ඇතුළු 6ක් ඔක්. 09 දක්වා රිමාන්ඩ්

25 September 2019

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ලබන මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25) නියෝග කළේය. ආහාර රැගෙන එන මුවාවෙන් බඳුනක පතුළේ සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් බන්ධනාගාරයේදී කංජිපානි ඉම්රාන්ට ලබාදීමට තැත්කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. කංජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඞ් ඉම්රාන් මොහොමඩ් නසීම් (65), මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස් (28), මොහොමඩ් කුකුබ්දින් මොහොමඞ් වසිම්දීන් (28), මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස් (23), මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28), මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනා මෙලෙස ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
 

More News..