brand logo

ඔක්කොම වසංගත ජෛව අවි ප්‍රහාරද?

05 July 2021

කොරෝනා වයිරසය ලෝකයම අඩපණ කර අවසන්ය. එහෙත් මේ වයිරසයේ සුලමුල හෙළිකර ගැනීමට තවම පර්ෙය්ෂකයන් අසමත් වී තිබේ. මානව ඉතිහාසය දෙස බලන කල අපට පෙනෙන්නේ විවිධ වයිරස් සහ බැක්ටීරියා වර්ග මිනිසා ඇතුළු සමස්ත සත්ත්ව පැවැත්මට එරෙහිව ක්‍රියාත්මක කර තිබෙන ආක්‍රමණය එකී බොහෝ ආක්‍රමණවල ඉතිහාසය සොයාගත හැකි වුවද කොරෝනා වයිරසයේ නිදාන කතාව පිළිබඳ තිබෙන්නේ ප්‍රබල මතභේදයකි. ඒ මතභේදයට ප්‍රධාන හේතුව වයිරසය ලෝක බලදේශපාලන ගැටුමට මැදිවීමය.

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මන්තරයක් ජප කරන්නා සේ කීවේ වයිරසය ආවේ චීනයෙන් බවයි. ඔහු චීනයට ඍජුව චෝදනා කළේය. චීනය එයට ප්‍රතිචාර දැක්වූයේ වයිරසය පැමිණියේ ඇමරිකාවේ රසායනාගාරයකින් යැයි සඳහන් කරමිනි. අපට පෙනෙන හැටියට කොරෝනා වයිරසය තරම් ලෝක බලවතුන්ගේ නව සීතල සංග්‍රාමයට මැදිවූ වෙනත් වයිරසයක් නොමැති තරම්ය.

Coronavirus causing global pandemic not related to those commonly seen in  poultry, other food animals | The Poultry Site වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වැසෙමින් තිබුණු කොරෝනා ෆයිල් මිටිය නැවත එළියට ඇද්දේය. ඔහු අවධාරණය කළේ වයිරසයේ සම්භවය පිළිබඳ තම බුද්ධි අංශ ප්‍රජාව මත දෙකක් දරන බවයි. ඉන් එක් පිරිසක් වයිරසය රසායනාගාරයකින් එළියට පැමිණි ජෛව ආක්‍රමණික අවියක් යැයි සඳහන් කරන අතර තවත් පිරිසක් එය සතුන්ගෙන් මිනිසාට බෝවූ එකක් යැයි සඳහන් කරති. බයිඩ්න් පෙන්වා දෙන්නේ මේ මතභේදය නිරාකරණය කරගත යුතු බවය. එහෙයින් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කර දින 90ක් ඇතුළත තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි බයිඩ්න් බුද්ධි අංශවලට නියෝග කර තිබේ. බයිඩ්න්ගේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශකවරයා වූ ඇන්ටනී පෞචි තමන් කොරෝනා වයිරසය පිළිබඳ කලින් දැරූ මතය වෙනස් කළ බව ප්‍රකාශ කළේය. ඔහුද ඇඟිල්ල දික් කරන්නේ චීනය පැත්තටය. චීනය පැත්තට ඇඟිල්ල දික්කරන අය මතු කරන මූලික තර්ක කීපයකි.
ඉන් එක් තර්කයක් නම් චීනයෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවීමට සති කීපයකට පෙර එරට වුහාන්හි වයිරසවේද අධ්‍යයන ආයතනයේ සේවය කළ පිරිසක් හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමය. එසේ රෝහල් ගත කළේ වයිරසය ආසාදිත වූවන් බව චීනයට ඇඟිල්ල දික්කරන අය අවධාරණය කරති. Wuhan lab scientist published paper on lab leak caused by rats | Taiwan  News | 2021-01-22 09:54:00 ඔවුන් මතුකරන තවත් කරුණක් නම් චීනයේ මාළු වෙළෙඳසලකින් මේ වයිරසය පැතිර ගිය බවට තොරතුරු තිබෙන බවයි. එසේම වයිරසය පිළිබඳ මුලින් හෙළි කළ චීන වෛද්‍යවරයා නොමරා මැරීමද චීනය පැත්තට චෝදනාව එල්ල කරන අය මතුකරන තවත් කරුණකි. 2003 සාර්ස් වයිරසය ආරම්භ වූයේ චීනයෙන් බව ඔවුහු පෙන්වා දෙති. China Wants to Screen You for Coronavirus—and Your Frozen Fish - WSJ
herald scholary Open access වෙබ් අඩවිය ඇමරිකාවේ අන්තර් ජාතික නීතිය පිළිබඳ විශාරදයකු වූ ආචාර්ය ප්‍රැන්සිස් බොයිල් උපුටා දක්වමින් සඳහන් කරන්නේ වයිරසය චීනයෙන් ආ බව නිසැක වශයෙන් තහවුරු වන බවයි. ආචාර්ය බොයිල් ඇමරිකාවේ ජීව විද්‍යාත්මක අවි සහ ප්‍රති ත්‍රස්ත පනත කෙටුම්පත් කිරීමට මුල්වූ ඉලිනොයිස් සරසවියේ මහාචාර්ය වරයෙකි. ඔහු ඇමරිකානු සෙනෙට් සභික ටොම්කොට්න් මතය මතුකරමින් වයිරසය චීන රසායනාගාරයකින් එළියට ආ එකක් බව සඳහන් කරයි. The new tactics of global war වැනි ජනප්‍රිය කෘති රැසක් ලියා තිබෙන පර්ෙය්ෂකයකු වන ජේ. ආර්. නයික්විස්ට් තම ගවේෂණාත්මක ලිපියක් මගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්ණාමික ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගේ මත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ චීනය තුළ ජෛවරසායන අවි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් තිබෙන බවය. සමහර මුලාශ්‍ර අනුව කොරෝනා වයිරසය පිළිබඳ මුලින් හෙළි කර තිබෙන්නේ සෞදි වෛද්‍යවරයෙක් විසිනි. ඒ 2012 දීය. මෙම වයිරසය චීනය වුහාන්හි සුපිරි රසායනාගාරය තුළ වගා කරන්නට ඇතැයි ඔහු සඳහන් කරයි.

සැබැවින්ම කොරෝනා වයිරසය රසායනාගරයක් තුළ නිර්මාණය කළ ජෛව අවියක්ද?

medical express වෙබි අඩවිය 2021 මාර්තු 01 සවිස්තරාත්මක ලේඛනයක් මගින් කොරෝනා වයිරසය පිළිබඳ කරුණු සාකච්ඡා කරයි. එයට පදනම් වී තිබෙන්නේ රුසියානු ජන සමාජයෙහි කළ සමීක්ෂණ වාර්තාවකි. එම සමීක්ෂණ වාර්තාව අනුව කොරෝනා වයිරසය ජෛව අවියක් බව රුසියානුවන්ගෙන් බොහෝදෙනා විශ්වාස කරති. චීනයට චෝදනා එල්ලවීමෙන් පසු ඉන්දියාවද නාගලන් ප්‍රාන්තය මුල්කරගෙන කොරෝනා වයිරසයේ සුලමුල සොයන්නට පටන් ගත්තේ එම ප්‍රාන්තය චීනයට සමීප නිසාය.

කෙටියෙන් ජෛව අවියක් යනු වයිරස, බැක්ටීරියා, දිලීර වර්ග මිනිසුන්ට, සතුන්ට, වගාවන්ට හානිවන ආකාරයට නිර්මාණය කරන්නකි.

Biological warfare - World in War
අපේ පැරැණි පොත්පත්වල විෂකැවූ ඊතල ගැන සඳහන් වේ. එහෙත් බ්‍රිතාන්‍ය විශ්වකෝෂය සඳහන් කරන ආකාරයට මුලින්ම ජෛව අවි භාවිත කර තිබෙන්නේ යුරෝපය ආක්‍රමණය කළ මොන්ගෝලියානු ආක්‍රමණිකයන් විසිනි. ඒ ක්‍රි.ව. 1347 දීය. මේ පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙන්නේ යුක්ක්‍රේනයේ ක්‍රිමියාව ආශ්‍රිතව කළ පර්ෙය්ෂණවලිනි. මොන්ගෝලියානු ආක්‍රමණිකයෝ සතුරාට එරෙහිව යම් දිලීර වර්ගයක් භාවිත කර තිබෙන බව එමගින් හෙළිවී ඇත. එම දිලීරය යුරෝපයට කෙතරම් හානිකර වූයේද යත් එකල යුරෝපා ජනගහනයෙන් තුනෙන් එකක් මේ දිලීරයෙන් මියගිය බව යුරෝපා ඉතිහාසයේ සඳහන්වේ. එකල එම මරණ ප්‍රකටව තිබෙන්නේ කළු මරණ ලෙසිනි. පළමු ලෝක යුද්ධයේදී ජෛව සහ රසායන අවි භාවිත කර තිබෙන බවට තොරතුරු තිබේ. ජර්මනිය හතුරු යුරෝපීය රාජ්‍යවලට තම ඒජන්තයන් මගින් විෂබීජ වර්ග යවා තිබෙන බවට තොරතුරු ඇත. විශේෂයෙන් එකල රසායන අවි බෙහෙවින් සතුරු පාර්ශ්වලට එරෙහිව යොදාගෙන ඇත. මෙම සංග්‍රාමයේදී විෂ වායු සතුරු හමුදා විනාශ කිරීමට යොදා ගැනිණි. ඇමරිකාව පළමුවැනි ලෝක සංග්‍රාමයට සහභාගි වූයේ පසුවය. එහෙත් අනෙක් රටවලට වඩා වැඩි ප්‍රමාණයක් රසායන අවි ඇමරිකාව භාවිත කර ඇත. එය පැහැදිලි වන්නේ භාවිත කරන ලද රසායන වායු කොපු (Gas shells) වලිනි. ඉන් 12% ඇමරිකාවද 6% ජර්මනිය ද භාවිත කර ඇත. Syrian government used chemical weapons on its own people දෙවැනි ලෝක යුද සමුයේදී ජෛව අවි භාවිත කිරීම පිළිබඳ ප්‍රබල සාක්ෂි නොමැති වුවද ජපානය චීනයට එරෙහිව රසායනික අවි හා විෂ වායු භාවිත කර ඇත. එකල ජපාන ජෛව අවි නිෂ්පාදනය පිළිබඳ අත්හදා බැලීම් රාශියක් කර ඇත. සිරකරුවන් 3000ක් පමණ යොදාගෙන ජපානය ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව ඇතුළු ජෛව අවි කිහිපයක් පිළිබඳ අත්හදා බලා ඇත. ඒ සඳහා බෙහෙවින් යොදාගෙන තිබෙන්නේ සිරකරුවන් සේ අල්ලාගත් චීන ජාතිකයන්ය. සීතල යුද සමයේදී ඇමරිකාව සහ සෝවියට් රුසියාව තරගයට ජෛව රසායනික අවි නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. මෙයට හේතු වූයේ දෙරටම අනෙකාගෙන් ප්‍රහාරයක් එල්ල විය හැකිය යන භීතියෙන් අවිනිශ්චිතතාවයෙන් නිතර පසුවීමය. සෝවියට් රුසියාව 1991 බිඳ වැටීමෙන් පසු එරට ජෛව රසායනික අවි නිෂ්පාදනය පිළිබඳ තොරතුරු එළියට ආවේය. ජනාධිපති බොරිස් යෙල්ට්සින් සෝවියට් රුසියාව තුළ එවැනි අවි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් තිබෙන බව පිළිගත්තේය. එම තොරතුරු අනුව එකී අවි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය හා සම්බන්ධව සෝවියට් රුසියානු විද්‍යාඥයන් හා තාක්ෂණවේදීන් 60000ක් පමණ සේවය කර තිබේ. මෙසේ ලෝක බලවතුන් ජෛව රසායන අවි තම ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා භාවිත කළ ද ලෝකයේ ඖෂධ ජාවාරම්කරුවන් සේම යම් යම් ආගමික සහ ත්‍රස්තවාදී කල්ලිද ජෛව අවි නිෂ්පාදනය කිරීමට යොමුවී තිබේ. ඖෂධ ජාවාරම්කරුවන් ජාන විකෘති කිරීම ආදී උපක්‍රම මගින් නිෂ්පාදනය කළ එවැනි අවි භාවිත කරන්නේ නොයෙක් ඖෂධ වර්ග සඳහා ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමටය.

ඉන්දියාවේ සිට පැමිණ ඇමරිකාවේ තම අවසන් සමය ගත කළ භගවාන් රාජනීෂ් නමින් තමන් හඳුන්වාගත් ඕෂෝ නමින් ප්‍රකට ඉන්දියානු ගුරුවරයාටද ඇමරිකාවෙන් ජෛව අවි භාවිත කිරීම පිළිබඳ චෝදනාව එල්ල විය.

Keeping Osho's legacy aliveKeeping Osho's legacy alive | Osho News ඔහු ජීවත් වූ ප්‍රදේශයේ ජනතාව භාවිත කරන ජලයට ඔහුගේ අනුගාමිකයන් salmonella නමැති බැක්ටීරියාව මුසු කිරීම නිසා 751ක් පමණ වැසියන් අසනීප වී තිබෙන බව වාර්තාවල දැක්වේ. ඕෂෝ ඇමරිකාව තුළ ජීවත් වූයේ විශාල පරිවාර සහ ධනබලයක් සහිතවය. මෙසේ ඔහු ශක්තිමත් වීම නිසා ඔහුට මෙම චෝදනාව එල්ල කළේද යන්න පැහැදිලි නැත. කෙසේ වුවද ඔහුගේ අනුගාමිකයන් ජෛව අවියක් සේ එම බැක්ටීරියාව භාවිත කළ බවට පාපෝච්චාරණය කර ඇතැයි සඳහන් වේ. 2001 වර්ෂයේදී ලෝකය පුරා ඇන්ත්‍රැක්ස් පිළිබඳ භීතිකාවක් පැතිර ගියේය. එය අන්තර්ගත විවිධ භාණ්ඩ සහ ලිපි ලේඛන ඇමරිකාවේ නොයෙක් ආයතනවලට යැවීමේ සැලසුමක් ගැන එකල කතාබහ විය. එමගින් 5 දෙනකු පමණ මියගොස් තිබෙන අතර එය අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ ජෛව අවි ප්‍රහාරයක් යැයි චෝදනා එල්ල වූයේ ත්‍රස්තවාදීන් සතුව ඇෆ්ඝනිස්තානයේ ජෛව අවි නිෂ්පාදනය කරන රසායනාගාරයක් තිබෙන බව ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කළ හෙයිනි. එසේ වුවද වසර කිහිපයකට පසු එෆ්.බී. අයි. ආයතනය කළ ගවේෂණයකින් හෙළි වූයේ ඇමෙරිකානු හමුදාවේ සේවය කළ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයකු ඇන්ත්‍රැක්ස් ප්‍රහාරය පිටුපස සිටි බවය. ඇමරිකාව ජෛව රසායනික අවි පිළිබඳ ලෝකයේ වෙනත් රටවලට චෝදනා එල්ල කළ ද ඒ අවි සම්බන්ධයෙන් ඇමරිකාවට තිබෙන්නේ අපකීර්තිමත් ඉතිහාසයකි. මෙයට වර්ෂ 200කට පමණ පෙර ඇමරිකාව ජෛව රසායනික අවි භාවිත කළේ රතු ඉන්දියානුවන් විනාශ කිරීම සඳහාය. ඇමරිකානුවන් කළේ වසූරිය තැවරුණු රෙදි පොරෝනා වශයෙන් රතු ඉන්දියානුවන්ට තෑගි කිරීමයි. එමගින් රතු ඉන්දියානුවන් රැසක් මිය ගියහ. ඇමරිකාව වෙනත් යටත් විජිතවලද මේ උපක්‍රමය භාවිත කර ඇත. Trail of Tears යනුවෙන් එය ඉතිහාසයේ සඳහන් වේ. ඇමරිකාව ජෛව රසායනික අවි බෙහෙවින් භාවිත කිරීමට උත්සාහ කළේ කියුබාවට එරෙහිවය. 1981 දී කියුබාවේ පැතිර ගිය ඩෙංගු වසංගතය බරපතළ සෞඛ්‍ය අර්බුදයක් විය. එම වසංගතය ඇමරිකාව තම රටට එරෙහිව එල්ල කළ ජෛව ප්‍රහාරයක් බව කියුබාව චෝදනා කළේය. කියුබානු විප්ලවයෙන් පසු එරට ආහාරවලට විෂ මිශ්‍ර කිරීම වැනි නොයෙක් ප්‍රයත්නවල ඇමරිකාව නිරත විය. 1977 සැප්තැම්බර් 16 වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළේ සීඅයිඒ සංවිධානය කියුබාවේ කෘෂිභෝග විනාශ කිරීමේ ජෛව ප්‍රහාර වැඩසටහනක යෙදුණු බවය.

ඇමරිකාවේ මේරිලන්ඩ්හි පෝර්ට් ඩෙට්රෙක්හි යුද කඳවුර එරට කුප්‍රකට ජීව රසායන අවි නිෂ්පාදන තිප්පොළයි.

The Secret History of Fort Detrick, the CIA's Base for Mind Control  Experiments - POLITICO Magazine 1962 දී උද්ගත වූ කියුබානු මිසයිල අර්බුදයට සමගාමීව එරටට ජීව රසායන අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව සූදානමින් සිටි බව ආචාර්ය මාර්ක්ලැපේ සඳහන් කර ඇත. එම සැලසුමටම අයත් වූ තවත් අංගයක් වූයේ දරුණු උණ වසංගතයක් කියුබාවේ ව්‍යාප්ත කිරීමය. එසේම 1964 දී අහසේ පාවෙන බැලුම්බෝල (weather balloons) යොදා ගනිමින් හානි කර ක්ෂුද්‍ර ජීවීන් තම රට තුළ බෝ කිරීමේ වැඩසටහනක් ඇමරිකාව ක්‍රියාත්මක කළ බව කියුබාව සඳහන් කරයි. 1970 සීඅයිඒ සංවිධානයේ උපදෙස් පරිදි කියුබාවේ ව්‍යාප්ත කළ ඌරු උණ වසංගතය නිසා කියුබාවේ ඌරන් ලක්ෂ 5ක් පමණ මියගියහ. එසේම කියුබාවේ කුකුළු ගොවිපොළ ඉලක්ක කර ජෛව ප්‍රහාරයක් එල්ල විය. මේ පිළිබඳ news day පුවත්පත 1977 ජනවාරි 06 වාර්තා කර තිබෙන බව BIO TERROR යන විවාදාපන්න කෘතියේ ඇලන් රේ සහ විලියම් එච්.ස්කාප් සඳහන් කරති. 1980 වර්ෂයද කියුබාවට දරුණු සමයක් විය. එකල පැතිර ගිය අප්‍රිකානු ඌරු උණ වසංගතය සහ නිල් පණු වසංගතය හේතුවෙන් එරට දුම්කොළ වගාව විනාශ විය. එසේම උක් වගාව කොළ දුඹුරු රෝගයට ගොදුරු විය. මේවා ඇමරිකාවේ ජෛව ප්‍රහාර නිසා ඇති වූ බවට සාධක තිබේ. ඩෙංගු වසංගතයට ඇමරිකාවේ ජෛව ප්‍රහාරයක් හේතුවෙන් කියුබාව ගොදුරු වූ බව තහවුරු කරන සාධක කිහිපයකි. වසංගතය බෝවන කාලයේ කියුබාවට තද වැසි පතිත විය. එය ඩෙංගු උවදුර උග්‍ර කිරීම සඳහා කෘත්‍රීමව ඇති කළ කාලගුණ වෙනස් කිරීමක් මගින් පතිත වූ වර්ෂාවක් බව වාර්තාවල දැක්වේ. එසේම කියුබාවේ ඩෙංගු වසංගතය තදින් පැතිරෙන කාලයේ එය අවට කැරිබියානු දූපත්වල ඩෙංගු පැතිරුණේ නැත. 1981 කියුබාවෙන් ඩෙංගු රෝගීන් ලක්ෂ 3ක් වාර්තා වූ අතර අසල්වැසි ජැමෙයිකා, බහමාස් දූපත්වලින් එකදු රෝගියෙක් හෝ වාර්තා වූයේ නැත.

මේ ආකාරයට ජෛව අවි සංවර්ධනය සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශාල මුදලක් වෙන් කෙරෙන අතර ඒ සඳහා වන පර්ෙය්ෂණ ඇමරිකාව හඳුන්වන්නේ ආරක්ෂණ පර්ෙය්ෂණ (Defensive Research) යනුවෙනි.

නිව්යෝර්ක්හි දිස්ත්‍රික් උසාවියක එඩවාඩෝ වික්ටර් ආරොසිනා පෙරස් නමැති කියුබාවට එරෙහි අපරාධ රැසක් කළ තැනැත්තා පිළිබඳ නඩු විභාගයේදී එම තැනැත්තා අධිකරණයට ප්‍රකාශ කළේ හානිකර ක්ෂුද්‍ර ජීවීන් රැසක් ඇමරිකාව කියුබාවට රැගෙන ගිය බවය. වියට්නාම් යුද්ධයේදී ඉන්දු-චීන ජනයා ඉලක්ක කරමින් ඇමරිකාව ජීව රසායනික අවි බෙහෙවින් භාවිත කළේය. ශාක පත්‍ර හෙළීමේ රසායනිකය වියට්නාම් වනාන්තරවලට හෙළීමට එවක ජනපති ජෝන් එෆ්. කෙනඩි අනුමැතිය දුන්නේ 1961 නොවැම්බර් 30 වැනිදාය. මෙකී කරුණු අනුව පැහැදිලි වන්නේ ලෝක බල දේශපාලන ගැටුම සහ ඖෂධ ජාවාරම ඇතුළු ජගත් වෙළෙඳ මාෆියාව අනුව ලෝකය කවර හෝ අවස්ථාවක ජෛව රසායනික ප්‍රහාරයකට ගොදුරු විය හැකි බවය. එම ප්‍රහාර වළක්වන අන්තර්ජාතික සම්මුතියක් තිබුණ ද ඒවා හුදෙක් නාම මාත්‍රික වනු ඇත. වරුණ අබේසේකර
 

More News..