ගොසිප්

ඒකාබද්ධයේ තිදෙනකු සමග මෛත්‍රී පිලිපීනයට

මෛත්‍රී ජනපතිවරයා ලෙස මෙතෙක් කළ රාජ්‍ය තාන්ත්‍රික සංචාර සඳහා ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සහභාගි කරගත්තේ නැත.

එහෙත් ඉදිරියේදී පිලිපීනයේ සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු කැඳවාගෙන යාමට නියමිතය, පියල් නිශාන්ත, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය මෛත්‍රී සමග මෙම සංචාරයට සහභාගි වීමට නියමිත අතර ඒ සඳහා විපක්ෂ නායක මහින්දද අවසර ලබා දී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි