ගොසිප්

එ.ජා.ප. නායකත්ව හුටපටය විසඳන්න කබීර් සහ මද්දුමබණ්ඩාර රනිල් මුණගැසෙයි

තවදුරටත් දිග්ගැස්සෙන එ.ජා.ප. පක්ෂ නායකත්වය සඳහා වන අර්බුදය විසඳීමට නායකයා නම් කරන කමිටුව අසමත් වීමත් සමග රනිල් පාර්ශ්වයේ එ.ජා.ප. නායකයින් ඒ සඳහා තවදුරටත් කල් ගනිමින් සිටින බව පෙනේ.

කෙසේවෙතත්, මහ මැතිවරණය ද ක්‍රම ක්‍රමයෙන් ලං වෙමින් පවතින නිසා එම අර්බුදය ඉක්මනින්ම විසඳාගත යුතු බව අවධාරණය කරන සජිත් පිල ද සටන අත්හැර ඇති බවක් නොපෙනේ.

මෙවැනි නැවතත් මෙම අර්බුදය නිරාකරණය සඳහා ඉදිරියට තල්ලු වී තිබෙන්නේ කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාරය.

ඒ අනුව මොවුන් දෙදෙනා ඉදිරි සතියේදී එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මුණගැසෙන්නට නියමිතව ඇති අතර එහිදී පක්ෂ නායකත්වය සජිත්ට ලබාදීම සඳහා රනිල්ට නැවත වතාවක් යෝජනාකිරීම සිදුවනු ඇත.