brand logo

එල්. බී. ෆිනෑන්ස් මල්ලාවි නගරයට පිවිසෙයි

13 July 2020

මූල්‍ය හා ලීසිං ක්ෂේත්‍රයේ දැවැන්තයා වන එල්. බී. ෆිනෑන්ස් සමාගම සිය දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය තවත් පුළුල් කරමින් පසුගියදා මල්ලාවි නගරයේ නවතම අංග සම්පූර්ණ එල්. බී. ෆිනෑන්ස් ශාඛාවක් විවෘත කරන ලදී. මල්ලාවි ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හා ජනතාවගේ සහභාගිත්වයෙන් එල්. බී. ෆිනෑන්ස් ජ්‍යෙෂ්ඨ කළමණාකරු සුරාජ් කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශාඛාවේ සේවකයින් සමග මෙම නවතම ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. මූල්‍ය හා ලිසිං ක්ෂේත්‍රයේ දශක 5ක් පමණ නොකැළැල් නාමයක් හිමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් වන එල්. බී. ෆිනෑන්ස් ආයතනයෙන් දැන් මල්ලාවි ප්‍රදේශයේ හා ඒ අවට ජනතාවට අති නවීන තාක්ෂණයත් සමග කාර්යක්ෂම මූල්‍ය සේවාවන් මෙම ශාඛාව මගින් ලබා ගැනීමට අවස්ථාව හිමි වී ඇති අතර ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරා දීමට එල්. බී. ෆිනෑන්ස් ආයතනය කැපවී සිටි.
 

More News..