brand logo

එල්.පී.එල්.හී නම දැක ගිබ්ස් අන්දුන් කුන්දුන්

16 November 2020

එළැඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙසට දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් සහභාගිවන බවට පසුගිය 9 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කළද, තමන්ගේ එවැනි සහභාගිත්වයක් සම්බන්ධයෙන් හර්ෂල් ගිබ්ස් කිසිවක් දැන නොසිටි බව ඔහු විසින් පළ කළ ට්විටර් පණිවුඩයක් අනුව පෙනී යයි. ‘එය මටද ප්‍රවෘත්තියක් වුණා’ යැයි සිය නම එහි සඳහන්වීම ගැන විමතිය පළකරමින් ගිබ්ස් විසින් තැබූ ට්විටර් පණිවුඩයේ සටහන් කර ඇත. ගිබ්ස්ගේ මෙම ප්‍රකාශයත් සමගින් එල්.පී.එල්. නිල ට්විටර් ගිණුමේ තරගාවලියේ විස්තර විචාරකයන්ගේ නම් ලැයිස්තුවේ හර්ෂල් ගිබ්ස් ගේ නම ඉවත් කරමින් අදාළ ලැයිස්තුව නැවත පළ කර තිබුණි.
 

More News..