brand logo

එල්.පී.එල්. කාල සටහනෙත් වෙනසක්

28 October 2020

ලබන නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාලසටහනෙහි යම් සංශෝධනයක් කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. නොවැම්බර් 21, 22, 23 සහ දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට යෙදී තිබුණු තරග පමණක් මෙසේ සංශෝධනය වී ඇති නමුත් තරග පැවැත්වීමට සූදානමින් සිටි ක්‍රීඩාංගණවල වෙනසක් සිදු වී නොමැත. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු කළම්බු කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරගය වෙනුවට කළම්බු කිංග්ස් සහ දඹුල්ල හෝක්ස් අතර තරගයෙන් ආරම්භ කිරීමට සංවිධායකයන් තීරණය කර ඇත. සංශෝධනය කරන ලද නව කාලසටහනේ සඳහන් පරිදි නොවැම්බර් 22 වැනිදා කැන්ඩි ටස්කර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතර තරගයත්, කළම්බු කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරගයත් පැවැත්වේ. නොවැම්බර් 23 වැනිදාට දඹුල්ල හෝක්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගයත් ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා සැටැලියන්ස් අතර තරගයත් පැවැත්වීටමට යෙදී තිබේ. මීට අමතරව කළම්බු කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයත්, දඹුල්ල හෝක්ස් සහ ජැෆ්නා ස්ටැලියන් අතර තරගයත් දෙසැම්බර් 9 වැනිදා පැවැත්වේ. තරගාවලි සංවිධායකයන් විසින් ඔක්තෝබර් 22 වැනිදා මුල් වරට අදාළ කාලසටහන ප්‍රසිද්ධියට පත්කළ අතර එතැන් සිට සතියක් ගෙවී යාමටත් පෙර මෙසේ නැවත සංශෝධනය කිරීම කැපී පෙනෙයි. ගයාශාන් විතානආරච්චි
 

More News..