එන්නත් ඔක්කොටම කොකා පෙන්නමින් කොරෝනා වෙනස් වෙයි
30 August 2021
එන්නත් ඔක්කොටම කොකා පෙන්නමින් කොරෝනා වෙනස් වෙයි
30 August 2021
අලුත් ප්‍රභේදේ නිසා අලුත් එන්නත් සොයන්න වෙලා
කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව එරට බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙය මෙම වසරේ මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බව වාර්තා වේ.
C.1.2 ප්‍රභේදය ඉකුත් ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි.
මෙම වෛරසය වුහාන් වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ.

