brand logo

එන්නතක් විස වී 13 ක් මරුට

22 October 2020

සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මරණ හා එන්නත අතර සම්බන්ධයක් ඇති බව විශ්වාස නොකරන බව දකුණු කොරියාවේ වෛද්‍යවරුන් පවසයි. දකුණු කොරියාවේ මිලියන 13ක පමණ පිරිසකට උණ රෝගය වැළඳී තිබෙන අතර පසුගිය මාසයේ සිට නොමිලයේ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇත. ඒ සඳහා රටේ මිලියන 19ක පමණ ජනතාවක් එන්නත් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගොස් ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙක් වන අතර අනෙක් සියල්ලෝම වැඩිහිටි පුද්ගලයින් වේ. වැඩිහිටි පුද්ගලයන් අතර අට දෙනකුට පමණ වෙනත් රෝග ද තිබී ඇතැයි සඳහන් වේ. එන්නත් වැඩසටහනේ සුරක්ෂිත බව පිළිබඳව ජනතාවට සහතික වී ඇති අතර මරණ සිදුවී ඇත්තේ උණ රෝගයේ ප්‍රතිඵලයක් ලෙස නොවන බව මරණ සම්බන්දව පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ නායකත්වය දරන මහාචාරය කිමි ජුන් කෝන් මහතා සඳහන් කරයි. ශීතාගාර තත්ත්වයේ පවත්වා ගතයුතු එන්නතක් ප්‍රවාහනයේදී කාමර උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බව අනාවරණය වීමෙන් පසු එන්නත් මාත්‍රා මිලියන පහක් තහනම් කිරීමට සති තුනකට පෙර දකුණු කොරියානු බලධාරීන්ට සිදුවිය. මියගිය කිසිවකට එම එන්නත් ලබාදී නොමැති බවට වෛද්‍යවරු සහතික වෙයි. දකුණු කොරියාවේ එන්නත් වැඩසටහන කෙරෙහි ජනත්වගේ විශ්වාසය බිඳ වැටුණු දෙවන අවස්ථාව මෙය වන අතර න්නත් කිරීමේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන බව මහාචාර්යවරයා පවසයි.
 

More News..