එජාප සන්ධානයේ ලේකම් ධුරයට ඡන්දයක්
08 February 2020
එජාප සන්ධානයේ ලේකම් ධුරයට ඡන්දයක්
08 February 2020
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිහිටුවීමට යෝජිත සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රනිල් පාර්ශ්වයද නමක් යෝජනා කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇත.
සන්ධානයේ මහ ලේකම් ධුරයට සජිත් පාර්ශ්වය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාරගේ නම යෝජනා කර තිබේ. එහෙත් සන්ධානයේ නිලතල සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පත් වන්නේ නම් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බව පක්ෂ නායකත්වය දැනුම් දී ඇත.
කෙසේ වෙතත් රනිල් පාර්ශ්වයෙන් මහ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක හෝ නවීන් දිසානායක යෝජනා කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (10 වැනිදා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් සජිත් පාර්ශ්වය වෙනම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමට සූදානම් වුවත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොලැබී ඇති බව ද වාර්තා වෙයි. එම නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ බලය අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
උදයජීව ඒකනායක