එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට
09 February 2020
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට
09 February 2020
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට(10) පෙරවරු 4.00 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බිහි කිරිමට නියමිත නව සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇත.
මෙම රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟවදින සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස නම් කළ රංජිත් මද්දුමබණ්ඩාරගේ නම අනුමත් කරගැනීමටද නියමිතයි.
පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය අහෝසි කළ කිහිපදෙනකු නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කිරිමට නියමිතව ඇති බව සඳහන් වේ.