brand logo
logo

එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා

05 November 2020

ඇහැළියගොඩ දම්මුලවන ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ මව, පියා සහ දියණියට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි. එම පවුලේ මව සේවය කරන හොරණ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසකට පසුගිය දා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයවී තිබේ. එහි තවදුරටත් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ තවත් 6දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. මෙම කාන්තාව ද එහි එක් ආසාදිතයෙකු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..