brand logo
logo

උසස් පෙළ කළ 18000ට බින්දුව

05 January 2019

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2018 වසරේ පෙනී සිටි අපේක්ෂකයින් දහඅටදහස් දෙසිය තුනක් (18,203) කිසිදු විෂයක් සමත් වී නොමැති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත පවසයි. පසුගියදා ප්‍රතිඵල නිකුත් කළ උසස් පෙළ විභාගයට තුන් ලක්ෂ විසි එක් දහස් හාරසිය හැටදෙකක් (321462) පෙනී සිට ඇති අතර ඉන් එක්ලක්ෂ හැටහත්දහස් නවසිය හැත්තෑ දෙකක් (167972) සරසවි වරම් ලබා ඇත. මෙවර උසස් පෙළ විභාගයෙන් විද්‍යා අංශයේ ප්‍රතිඵලවල වර්ධනයක් පෙන්නුම් කරන බවද කොමසාරිස්වරයා පවසයි. ජීව විද්‍යා අංශයෙන් පසුගිය වර්ෂයේදී සියයට 56ක් වූ ප්‍රතිඵල තත්ත්වය මෙවර සියයට 59 දක්වා වර්ධනය වී ඇත. භෞතික විද්‍යා අංශයෙන් පසුගිය වර්ෂයේදී සියයට 54ක් වූ ප්‍රතිඵල මෙවර සියයට 57ක් දක්වා වර්ධනය වී තිබේ. ජීව තාක්ෂණ අංශයෙන් සියයට 57ක් වූ පසුගිය වර්ෂයේ ප්‍රතිඵල මෙවර එය සියයට 59 දක්වාද ජෛව පද්ධති තාක්ෂණය සියයට 61ක් දක්වා වූ ප්‍රතිඵල සියයට 64ක් දක්වාත් වර්ධනය වී ඇති බව කොමසාරිස්වරයා සඳහන් කළේය.
 

More News..