brand logo

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

27 January 2022

ප්‍රවේශපත්‍රය තවම නැත්නම් වෙබ් අඩවියෙන් ගන්න

මෙතෙක් උසස්පෙළ විභාග ප්‍රවේශ පත්‍රය නොලද අයදුමුකරුවෙකුට www.doenets.lk වෙබ් අඩවියට පිවිස එය භාගත කරගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමූ 2021 අ.පො.ස උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිත බවයි.

2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර යවා ඇති බව සදහන් කරයි. 2021 උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,439 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.
 

More News..